ඔන්මැක්ස් ඩීටී නමැති පීරමීඩ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු සහ මහ මොළකරු ලෙස හඳුන්වන ගයාන් චාමර වික්‍රමතිලක නැමැත්තා ඩුබායි හිදී එරට පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත.
අන්තර්ජාලයේ ජාත්‍යන්තර ක්‍රිප්ටො කරන්සි හා බයිනෑන්ස් වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකරු යූඑස්ඩීටී මිලියන 4.7 මෙසේ ආයෝජනය කර ඇති බවද හෙළිවිය. මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරයකු ක්‍රිප්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්, ගිණුම් හතරකින් සෘජුවම මුදල් මොහුගේ ගිණුමට බැරවී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.සැකකරු සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් බවද කරුණු ඉදිරිපත් කෙරිණි.මීට අමතරව ජෝර්ජියානු ජාතිකයකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැරවී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.
නොවැම්බර් 16 වන දින රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් පුද්ගලික ඇප තුනක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කර තිබුණි.
ඉන්පසු නඩු අහන අවස්ථාවේ සිට ප්‍රධාන සැකකරු වන ගයාන් චාමර අධිකරණය මගහැරි අතර ඔහු රටින් පලාගොස් ඇති බව හෙළි විය.2024 මාර්තු 21වැනි දින විදෙස්ගතව ඇති බවත් වාර්තා කෙරිනි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ආල්විස් මහතා විසින් නීති විරෝධී පිරමිඩ ගනුදෙනු සිදු කිරීම හේතුවෙන් මහ බැංකුව මගින් තහනම් කර ඇති ඔන්මැක්ස් ඩීටී පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කළ බවට චෝදනා ලැබූ මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක අත්අඩංගුවට ගැනීම සඳහා පළමු වරෙන්තුව නිකුත් කරන ලද්දේ 2024 මාර්තු මාසයේය.
පන්නිපිටිය, රුක්මලේ, වැලිහේන්පිට පාරේ පදිංචි ‘වීටෙක් ‘මෘදුකාංග සමාගමේ හිමිකරු ලෙස නම් කෙරුණ ගයාන් චාමර වික්‍රමතිලක (31) නමැති සැකකරු වෙත මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර ඔහු රටින් පලාගොස් ඇති නිසා අගොස්තු මස අධිකරණය නිකුත් කළ රතු වරෙන්තුව අනුව ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අල්ලාගන්නට පොලිසිය කටයුතු සිදු කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුනු වාර්තාා කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, වංචනික මූල්‍ය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ගත හැකි පියවර පිළිබඳව ද සැලකිල්ල යොමු කර ඇත.

