නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය.
නැෂනල් වර්කස් කොංග්රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනී යන බව ය.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් පැවසුවේ ය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බව ඔවුන් පවසා තිබේ.
වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසා සිටියේ, ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ දැනට නඩුකරයක් පවතින හෙයින් එම නඩුකරය පාදක කරගෙන මෙහි භාරකාරත්වය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වය මත අපරාධ වරදක් අනාවරණය කර ගැනීමට නොහැකි බැවින් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බව ය.
මෙම නඩුව මාර්තු මස 07 වන දින නැවත කැඳවීමට නියමිත ය.
| BBC සිංහල සේවය
