ක්ලීන් ශ්‍රී ලංකා‘(Clean Sri Lanka) ව්‍යාපෘතියට සමඟාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රධාන උත්සවය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතඅමුත්තා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.කුනනාදන්, විශේෂ ආරාධිතඅමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී වූහ.
මීට සමඟාමීව ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල් ස්වාමිවරයගේ 168 වැනි ජන්ම දිනය අනුස්මරණය කරමින් සැමරුම් ද පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන ආරම්භ කෙරිණි.
දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම හා පැළ රෝපණයද සිදු කෙරිණි.
මේ අවස්ථාව ට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානාධිපති ඩී. සර්වේෂ්වරම්, ත්‍රිකුණාමලය බාලදක්ෂ සංගමයේ සභාපති එස්. ජයසංකර්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස්වරුන් වන ඇන්ඩෘෘ විජේසූරිය, ප්‍රභාත් කුලරත්න මහත්වරුන් සහභාගි වී සිටියහ.


නුවන් කොඩිකාර සහ ත්‍රීකුණාමළය තිනකරන් වාර්තාකරු
