ඉරාන ඊශ්‍රයාල යුද්ධයෙන් ඉන්ධන හිඟයක් ඇතිවෙතැයි සිතා ඉන්ධන ගබඩා කර තිබූ නිවසක් ගිනි ගනී!

මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි යන අදහසින්  විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට තිබූ වවුනියාවේ බණ්ඩාරීකුලම ප්‍රදේශයේ නිවසක් ඊයේ ( 30) හදිසියේම ගිනි ගෙන තිබේ. 

මෙම නිවසේ උදවිය පහනක් දැල්වීම පිණිස පොල්තෙල් වෙණුවට පෙට්‍රල් භාවිත කොට ඇත්තේ ඉන්ධන විශාල තොගයක් විවිධ භාජන වල රැස් කොට නිවසේ අසුරා තිබීම නිසා බෝතල් මාරු වීමෙනි.

පහන දැල්වීමට උත්සාහ කළ අවස්ථාවේදී කාමරයට ගිණි ඇවිලී ඇති අතර පසුව නිවසේ ගබඩා කොට තිබූ ඉන්ධන වලට ගිනි ඇවිලී තිබේ.

ගින්න නිවස පුරාම පතිර යාමත් සමගම වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ ගින්න නිවා දමා ඇතත් ඒ වන විට නිවසේ භාණ්ඩ රැසක්ම ගින්නෙන් දැවී පිලිස්සී ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top