කාන්තාවන් කණ්ඩායමක් උතුරේ පවත්වාගෙන ගිය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි වේ – ලක්ෂ 65ක ගංජා තොගයක් සමග 02ක් අත් අඩංගුවට

රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 80 ක් ළග තබා ගෙන සිටි කිළිනොච්චියේ කාන්තාවන් දෙදෙනෙකු ධර්මපුරම් පොලීසිය විසින් 30 දා අත් අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවන් පිරිසක් සංවිධානය වී මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ධර්මපුරම් පොලීසියට ලද තොරතුරක් මත මුලින්ම කිළිනොච්චියේ මයිල්වාගනපුරම් ප්‍රදේශයේ කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් කාන්තාවක් ගැන තොරතුරු හෙළි වී තිබේ.

පොලීසිය විශ්වමඩු කොලොන්ඩුපුලව් ප්‍රදේශයේ අදාල නිවසට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 80 ක ප්‍රමාණය හමු වී ඇත.

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති ඩී.එම්.එස්.ජේ. දිසානායක මහතා පැවසුවේ මෙම කාන්තාවන් වයස අවුරුදු 54 හා 56 යන වයස් කාණ්ඩ වල පසුවන බවයි.

සැකකටයුතු කාන්තාවන් දෙදෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top