මාස පහකුත් ගතවෙලා – මෙන්න රටටම හැංගූ කේ සුජීවාගේ ඇත්ත තත්ත්වය

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා කියන්නේ “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුණු ගායිකාවක්.

ඉතින් පසුගිය කාලයේ ඇය ගැන කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා.

එහිදී , ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

ඉතින් ඇයගේ දැන් තත්වය කොහොමද ?

මේ ඒ ගැන සුජීවාගේ දියණිය අංජලී එයාගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණු ඡායාරූපයක්.

 

වෙනත් පුවත්

රටම බියට පත් වූ යාපනයේ වෛරස උණ තත්ත්වය පිළිබඳ විශේෂ දැනුම්දීමක්!

යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය උණ වෛරස තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට හැකි වී ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

මේ වන විට උණ රෝගය වැළදුණු පුද්ගලයින් 15 දෙනෙකු පමණක් යාපනය හා පේදුරුතුඩුව යන රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, යම් අයෙකුට දිනකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතීනම් වහාම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top