සියඹලා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
මේ දිනවල වියළි කලාපීය ප්‍රදේශවල සියඹලා අස්වැන්න පැවැතියද කිලෝවක තොග මිල ඉහළ ගොස් තිබේ.
සියඹලා තොග මිල ඉහළ යාම හේතුවෙන් සියඹලා ග්‍රෑම් 100 ක ඇසුරුමක මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියා සිටින්නේ ප්‍රමාණවත් තරම් සියඹලා තොග නොලැබීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවය.
වෙනත් පුවත්
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි.
තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි.
වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි තැබීම සිදුවූයේ ‘ඇබන්ඩන්ට් ලයිෆ්’ නමැති පෞද්ගලික ක්‍රිස්තියානි පාසලේය. පෙර පාසලේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර, සිසුන් 400 කට වැඩි ගණනක් අධ්‍යාපනය ලබන බව පැවැසෙයි.
