උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණියේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබේ.

ඒ අනුව තම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා පැමිණි විසිපස් හැවිරිදි එක්දරු මවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකුට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය පසුගියදා දින කැඳවන ලෙස අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විත්තිකාර වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද දන්වා ඇත. තම ශරීරයේ තැන්පත් කර තිබූ ලූපයක් ඉවත් කරගැනීමේ මුවාවෙන් විත්තිකරු විසින් මෙම දූෂණය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම අපරාධය සිදුවන විට වින්දිත තරුණිය අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ විත්තිකරු විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විත්තිකාර වෛද්‍යවරයා ඇප මත මුදා හැර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top