පතාල ගිනි අවි ගබඩාවක් සමග සැකපිට 10 ක් අල්ලයි

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඊයේ දිනයේ දී සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සතුව තිබූ මැගසින් 9 ක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව පොලීසිය පැවසුවා.

අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දීලබාගත් තොරතුරු අනුව තවත් සැකකරුවන් සිව් දෙනකු සමග ගිනි අවි තොගයක් පොලීසිය සොයා ගත්තා.

මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමේ දී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී – 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලි මීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවා.

එමෙන්ම සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හමුදා නිල ඇදුම් තොගයක් ද මේ සමග සොයාගත් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top