මිලියන 6 කට වැඩි දුම් වැටි කටුණායක ගුවන්තොටෙන් අල්ලයි

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ පැවසුවේ මොවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවයි.

එයින් එක් අයෙකු 45 හැවිරිදි වියේ පසුවන චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා මුල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල කාඩ්බෝඩ් පෙට්ටි 04 ක් තුළ , මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් සගවා ගෙන සිටියදී සොයාගෙන ගැනීමට පොලිස් මත්ද්‍රවය කා‍ර්යාංශයේ නිලධාරීන් සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top