ඔහුගේ විවාහ මංගල්‍යක් වෙනුවෙන් මෙහෙම දෙයක් කෙනෙක් කරාවි කියලා හිතන්නවත් පුළුවන්ද? ඔහු විවාහයට මුදල් සොයාගන්න යොදාගෙන තිබුනේ අපූරු උපක්‍රමයක්.
මෙලෙස සොරාගෙන ඇති පිත්තල පහන පෞරාණික වටිනාකමකින් යුතු දොළොස් මහේ පහනක් බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවත් පොලිසිය පවසනවා.
නිවෙස්වල පරණ බඩු එකතු කිරීමට යන කණ්ඩායමක් ලොරියකින් පැමිණ වටරැක ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මොවුන් කැටවල විහාරස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී එක් අයකු විහාරාධිපති හිමියන් සමග කතා බහ කරමින් සිටියදී අනෙක් දෙදෙනා පිත්තල පහන සොරාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා. පසුව එම පහන නාරම්මල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන වෙළෙඳසලකට අලෙවි කර තිබියදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ විවාහ මංගල උත්සවයට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම සොරකම සිදුකර ඇතැයි ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවද පොලිසිය පවසනවා
