පොලිසිය ඇතුළට ඇවිත් වරුණිගේ පින්තූරයට සුදු මල් කළඹක් තිබ්බේ කවුද ?

මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ කාර්යාලයේ තිබෙන ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් කළඹක් තබා ගිය පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

පෙරේදා රාත්‍රියේ මෙය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය අසනීප තත්වයක් හේතුවෙන් මේ දිනවල නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඇය කලක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙසද කටයුතු කළා.

ඇයගේ මෙහෙයවීමෙන් අවස්ථා රැසකදී නිතීවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස ඇතුලු ස්ථානවල වැටලීම් සිදු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top