මුහුදේ කුඩු තොග පාවේ

2025.11.05 වන අද දින උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10 ක් සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනා ගෙන ඇති අතර සම්පූණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 11 ග්‍රෑම් 759 ක් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශය වෙත ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top