මාලිමා මන්ත‍්‍රීගේ විදුහල්පති සැමියා හා පුත‍්‍රයා කෝටි දෙකක හෙරොයින් සමග අත්අඩංගුවට

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ. 

එප්පාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සැකකරුවන් විසින් හෝටලයක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 22 වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 54 හැවිරිදි සැකකරු විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන බවට තොරතුරු ලැබී ඇත.

මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ දිස්නා නිරංජලා කුමාරි නම් පෑලියගොඩ ජාතික ජන බලවේගයේ පලාත් පාලන මන්ත්‍රීවරියකි.

පොලිසිය ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top