උපතීන් නිල් පැහැ බිලිඳු දරුවකු මුල්වරට අනුරාධපුර රෝහලෙන්

උපදින දරුවන් මුළුමනින්ම නිල් පැහැගැන්වීමේ නවතම රෝගයකින් පෙළෙන බිලිඳු දරුවකු ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුර රෝහලෙන් හඳුනාගෙන ඇති බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යූ. සී.රණවක මහතා පැවැසීය. මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව ඔහු කීය. එම රෝගය කන්ජෙන්ටල් මෙතෙමොග්ලො බිනේමියා (Congenital Methemoglog) යනුවෙන් හඳුනාගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

මෙය සංකීර්ණ ජානමය රෝගයක් ලෙස සරලව හඳුන්වා දිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.මෙය ජානගත රෝගයක් බවත් දරුවා මෙයට මාස 08කට පෙර ඉපදුණු දරුවෙක් බවත් තිබිය යුතු රුධිර සංඝටක සියයට 3 සිට 24 දක්වා තත්ත්වයක් තිබුණු නිසා අප මෙය පරීක්ෂා කළ බවත් එහිදී මෙම රෝගය හඳුනාගත් බවද ඔහු කීය.මේ අනුව ජානමය පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මෙම රෝගය හඳුනාගත් බවද ඔහු කීය.

දරුවාගේ රුධිර පද්ධතියට නියමිත ආකාරයට ඔක්සිජන් එක් නොවීම නිසා මෙම රෝගය හටගන්නා අතර එය අවශ්‍ය පරිදි බිලිඳු දරුවාට ඔක්සිජන් නියමිත ආකාරයට දින තුනක් පුරාවට ලබාදීම මඟින් ප්‍රතිකාර කරන්නට කටයුතු කළ බවත් මේ වන විට මෙම බිලිඳු දරුවා සුවසේ පසුවන බවද වෛද්‍යවරයා කීය.

මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බවත් පවසන වෛද්‍යවරයා ශරීරය මුළුමනින්ම නිල් පැහැගැන්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මස්පිඬු නියමිත ආකාරයට වර්ධනය නොවීම හා වේදනාව, ආබාධ බව හඳුනාගෙන තිබෙන බවද අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්. යූ. සී රණවක මහතා පැවැසීය.

(නිමල් අල්ගෙවත්ත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top