ළමුන් වෙළද ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවය.

වෙනත් පුවත්

දැරියක් සමග වැට පැන්න තරුණයා අත්අඩංගුවට

බාල වයස්කාර දැරියකට අතවර සිදුකර ප්‍රදේශයෙන් පලායමින් සිටි තරුණයකු (29 දා) වෙනිදා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

මෙම දැරිය ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. 28 වෙනිදා රාත්‍රි ඇය පෙම්වතාට නිවස අසලට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. තරුණයා පැමිණීමෙන් පසු ඇය ජනේලයකින් එළියට ඇවිත් ඒ අසල දී ඔහු සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත. පසුව ඇය මේ බව මවට දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලිකර තිබේ.

වහා ක්‍රියාත්මකවූ පොලිසිය ප්‍රදේශයෙන් පලායමින් සිටි පෙම්වතා වැල්ලවාය නගරයේ දී අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු වැල්ලවාය මහෙස්ත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහ රෝහලට ඇතුළත්කර තිබේ. පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ආර්. සුමුදු ප්‍රසන්න මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top