ලංකාව චීනයත් එක්ක ගැහුව ගිවිසුමක්! වහාම තවත් අවුරුදු 3කට දීර්ඝ කරලා

2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම අත්සන් තැබීය.

එය තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බවයි.

මෙම ගිවිසුමෙන් චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව සදහන් වේ.

මෙහිදී මෙම ගිවිසුමට ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අත්සන් තැබීය.

කෙසේ වෙතත්, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශ‍ෙන් මහතා අත්සන් තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top