වෙනස් චරිතයක්.. ඒ ඇගේ කතාව අනිත් අයට වඩා වෙනස් වුණ නිසායි.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?
මොන අපහසුතාවය තිබුණත් මං ඉගෙනීම අඩාල කලේ නෑ. කකුල රිදෙනවා, මට අමාරුයි කියලා ලියන එක නැවැත්තුවා නම්, මගේ හීන? මාව ලස්සනට ලෑස්ති කරවලා කවලා පොවලා ඉස්කෝලෙට ක්ලාස් එකට යවන මගෙ අම්මිගෙ හීන? ක්ලාස් ඉවර වෙනකම් උදේ 8 ඉදන් හවස 5 වෙනකම් ක්ලාස් එකෙන් එලියේ ඉදන් මං එනකම් බලන් ඉන්න මගෙ අප්පච්චිගෙ හීන? තමන්ගෙ වැඩත් කැප කරගෙන මට හයියක් වෙන මගෙ අක්කිගෙ හීන? ඒවා හීන ම විතරක් වෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා මට විවේක ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් විභාගෙට කලින් කකුල සනීප කරගත්තෙ නැත්තම් මට හරියට විභගෙ ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා කකුලට ප්‍රතිකාර ගන්න ඩොක්ටර්ස්ලාව හොයාගෙන ගියා. ඒ අතරින් කෙනෙක් තමයි කලින් කිව්ව ශල්‍ය වෛද්යවරයා. ප්‍රතිකාර අරන් විභාගෙ ලියලා ප්‍රතිඵල ආවට පස්සේ ඒ A3 ක ප්‍රතිඵලයත් අරන් ඒ ආදරණීය ඩොක්ටර් ව බලන්න ගිය දවසේ ඩොක්ටර් මගෙ Phone number එක සේව් කරගත්තෙ “Miracle Girl” කියලා.

ඇත්ත. ජීවිතේ ආශ්චර්යයන්, හාස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ ආශ්චර්යයන්, හාස්කම් පිටිපස්සෙ තියන්නෙ අසීමිත දරාගැනීම්, අනේකවිධ දුක් ගැහැට, අප්‍රමාණ උත්සාහයන් සහ කැපකිරීම් ම පමණයි.
අඩන්න හේතු දාහක් හොයාගන්න පුළුවන්කම තිබිලත් ජීවිතේ අත් හරින්න හේතු හොයාගන්න පුළුවන්කම තිබිලත් අද මං කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනගන්නේ මගෙයි මගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරියෙගේ අසීමිත කැපකිරීම්, දරාගැනීම් නිසා.
ඉතින්, ජීවිතේට කඩාවැටීම්, නොලැබීම්, ප්‍රශ්න, අභියෝග ලැබෙන්නෙ ඔයාට ජීවිතේ අත් හරින හැටිවත් පරාද වෙන හැටිවත් කියලා දෙන්න නෙමෙයි. හෙන ගැහුවත් හිනාවෙලා දරාගෙන ඉස්සරහට ම යන්න පුළුවන් ශක්තිමත් මනුස්සයෙක් වෙන හැටි කියලා දෙන්න.
ඔයාගෙ ජීවිතෙත් ඔයා නොහිතන ආශ්චර්යයන් සිද්ධ වෙයි. එතකල් ඔයාගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න.
මොකද, ගිනි කාශ්ටක ඉඩෝරෙත් පතොක් මල් පිපෙනවා.


