‘ස්වර්ණවාහිනී’ හිමිකරු අර්බුදයක! සේවකයින් රැසකට ඉවත් වන ලෙස දැනුම්දෙයි!

‘මොණරා’ සහ ‘ඔරුවන්’ ඩිජිටල් අංශයන්හි සේවය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම 2025 ජනවාරි මාසයේ අවසානයේ සිට සේවයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

එම පුවත්පත් සහ වෙබ් අඩවි අයත්වන South Eye (pvt) Limited ඩිජිටල් මාධ්‍ය සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයක් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

South Eye පුද්ගලික සමාගමේ මානව සම්පත් කණ්ඩායම් ප්‍රධානී විසින් ප්‍රවෘත්ති සංස්කාරවරිය වෙත යොමු කරන ලද ලිපියක් මඟින් 2025 ජනවාරි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සිය සමාගමේ මෙහෙයුම් වියදම් අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම අරමුණු කරගනිමින්, ආයතනය ප්‍රතිසංසකරණ ක්‍රියාවලියකට නතු කරන බව දැනුම් දී තිබෙනවා.

දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක වු ඔරුවන් පුවත්පතේ මාධ්‍යවේදීන් 10 දෙනෙකු සහ ඔරුවන් ඩිජිටල් අංශයේ මාධ්‍යවේදීන් 2 දෙනෙකු සේවය කර තිබෙනවා.

එමෙන්ම, සිංහල භාෂාවෙන් නිකුත් වූ මොණරා පුවත්පතේ මාධ්‍යවේදීන් 6 දෙනෙකු සහ මොණරා ඩිජිටල් අංශයේ මාධ්‍යවේදීන් 7 දෙනෙකු කටයුතු කර තිබෙනවා.

මෙම මාධ්‍යවේදීන් අතරින් 9 දෙනෙකු හැර අනෙකුත් අයට 2025 ජනවාරි මාසය අවසාන වන විට සේවයෙන් ඉවත් වෙන ලෙස කළමණාකාරිත්වය විසින් දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම, මාර්තු මාසය වන විට මොණරා සහ ඔරුවන් සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට නියමිත බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top