යෝෂිත රාජපක්ෂ ගිනි අවි සියල්ලම භාරදීලා

ආරක්ෂක අමාත්‍යංශය විසින්, ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස පසුගියදා දැනුම් දුන්නේය.

ඒ යටතේ යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරන්නේ, මේ වනවිට තොරතුරු වාර්තාවෙන පරිදි ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top