අමෙරිකාවේ රාජ්ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙයි.. හේතුව මෙන්න..
අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු වසරක් තුළ සිවිල් ෆෙඩරල් සේවයේ විශාලතම එකවර සේවක අඩුවීම බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ. එරට තුළ සිවිල් ෆෙඩරල් ශ්රම බලකාය තුළ රජයට සේවය කරන මිලියන 3 ක් පමණ පුද්ගලයින්ගෙන් සමන්විතයි….
