අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
අලුත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සදහන් කළේ. මේ අතර, උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව…
