තුවාල සිරුරේ නෑ – හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා. පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා. ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා. විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව…

Read More

අලුත් අවුරුද්දේ තෙල් ගහන්න QR ඕනි නෑ

උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය. කෙසේ නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බව ද හෙතෙම පැවසීය. එමෙන්ම ඩීසල්…

Read More

ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

(අංජුල මහික වීරරත්න) 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුවේ මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබේ.

Read More

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි….

Read More

ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි

(අංජුල මහික වීරරත්න) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “කප්රුක” ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම මුදල ප්‍රදානය කෙරිණි.  සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ත්‍යාග මුදල ප්‍රදානය කෙරුණු අතර  ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතාටද මෙහිදී ඇගැයීම් සහ…

Read More

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි. එම දින 14ක කාලය අදින් අවසන් විය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා…

Read More

විශ්වාස භංගය පරාදයි… මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම බේරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය. එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි. විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා…

Read More

ලයිට් කපන්න ඕන ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල – චාමර සම්පත්

ඉදිරියේදී විදුලි කප්පාදුවක් එනවා නම් විදුලිය කැපිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල බවත් අනිත් අයගේ නිවෙස්වල විදුලිය කැපීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නිවෙස්වල විදුලිය…

Read More

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු…

Read More

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක…

Read More
Back To Top