ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙන ගමන් කොන්දොස්තර රස්සාව කරන තරුණිය
පසුගිය සති අන්තයේ දිනෙක බසයක් බලාපොරොත්තුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ දඩැල්ල බස් නැවතුමේ මා බොහෝ වෙලාවක් රැඳී සිටියෙමි. මා සිටගෙන උන් තැනට තරමක් එපිටින් තිබුණේ මලින් පිරීගිය දෑසමන් මල් ගසකි. උජාරුවෙන් පිපී සිටි මලක් සැනින් ඊට තරමක් පහලින් තිබූ පෙඳපාසි බැඳුනු කාණු පල්ලට වැටී පෙනී නොපෙනී ගියේය. දෑසමන් මලක් නම් සුවඳ දිදී සිටිය යුත්තේ අතු අග්ගිස්සක…
