බ්රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පාගලා තිදෙනෙකුට මරු කැඳවූ ගම්පොල මාරක රිය අනතුරට හේතුව හෙළිවෙයි
ගම්පොල, දොළුව, ශ්රී බිම්බාරාම විහාරස්ථානය සඳහා පැමිණි කාන්තාවන් තිදෙනෙකු රිය අනතුරකින් මිය යාමේ සිද්ධියට හේතුවී ඇත්තේ අදාළ මෝටර් රථය පැදවූ කාන්තාවගේ නොසැලකිලිමත් බව අනාවරණය වී තිබෙනවා. කාන්තාවන් සිව් දෙනෙක් මෙම අනතුරට මුහුණදී තිබූ අතර ඉන් දෙදෙනෙකු වප් පොහොය නිමිත්තෙන් ඊයේ සිල් සමාදන්ව සිටි අය බවයි පොලිසිය සඳහන් කළේ. අනෙක් දෙදෙනා පෙහෙවස් සමාදන්ව සිටි පිරිසට දානය…
