ෆේස්බුක් සාදයක් වටලා මත්පැන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

අහංගම ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව පැවැත්වූ ෆේස්බුක් සාදයක් අද (05) අලුයම ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් වටලා මත්පැන් සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ෆේස්බුක් සාදයේ තිබී බියර් මිලි ලීටර් 38,280ක් සහ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 5,750ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන්ගේ අලුත් අවුරුදු විශේෂ ග්‍රහණ වැඩසටහනට අනුව දකුණු…

Read More

යතුරුපැදියක් ගසක ගැටී 23 හැවිරිදි තරුණයෙක් මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව – මහියංගනය මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලරස්ථානය පවසනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (04) රාත්‍රී පොලොන්නරුව – මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදීයි. පොලොන්නරුව දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින්…

Read More

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු‍ 46ක් වූ වෑඅතුර පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ඊයේ (05) රාත්‍රීයේ ප්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටියදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අතින් පයින් සහ තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල ලබා සිටියදී රෝහල් ගතකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත….

Read More

වත්තල ගින්නක්

වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 3ක් සමග නිලධාරීන් 13 දෙනෙකු යොමු කළ බවය. මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවද ගිනි නිවීමේ ඒකකය සඳහන්…

Read More

රාති‍්‍රියේ කරන විදුලි පරිභෝජනය දහවල් කාලයේ කරන්න..- නියෝජ්‍ය ඇමතිනී කියයි

රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිනී කෞෂල්‍ය අරියරත්න මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පෙන්වා දෙන්නේ සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය උපරිම මට්ටමක පවතින බවයි. එම නිසා, එම කාලසීමාව තුළ සිදුකරන විදුලි පරිභෝජනය හැකිතාක් දුරට දහවල් කාලය වෙත යොමු කරන ලෙස ඇය ජනතාවගෙන් විශේෂ…

Read More

විපක්ෂය රටට සාපයක්

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුවහොත් පාරට බැස හෝ එම වගකීම ඉටු කිරීමට ජනතාව සූදානම් බවත්, ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ඔහු මේ බව අවධාරණය කළේ විපක්ෂයේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි. ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂය වැනි විපක්ෂයක් ලෝකයේ වෙනත්…

Read More

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු හෝටල් කෑමවල මිල ගණන් ඉහළට

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස් රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි කෑමවල මිල ගණන් ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා. ඊට අමතරව කිරි තේ සහ ප්ලේන්ටියන මිල ද මේ සමඟ ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ….

Read More

ඝාතනය වූ සිය බලු සුරතලා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා රැකියාවෙනුත් අස් වී වසර තුනකට අධික කාලයක් සටන් කළ කත

විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට දීමෙන් ඝාතනය වූ සිය සුරතල් බල්ලා වෙනුවෙන් වසර තුනකට අධික කාලයක් තනිවම සටන් වැදුණු චීන ජාතික කාන්තාවක පිළිබඳ පුවතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. තම සුරතලා වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා මෙම චීන කාන්තාව සිය රැකියාව පවා අතහැර දමා නීතිය හැදෑරීමට යොමුවීම ද විශේෂත්වයකි. චීනයේ බීජිං නුවර පදිංචි…

Read More

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 4,630ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව නව මිල රු. 5,700ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 1862ක්ව පැවති…

Read More

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 4765කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1910ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක…

Read More
Back To Top