GMOA වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ

අද (02) උදෑසන 08.00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා. ඒ, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමිනුයි. පෙරේදා (31) ක්‍රියාත්මක කළ එක්දින වර්ජනය ඊයේ (01) උදෑසන අවසන් වුවද, ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම…

Read More

පානදුරේ අතුරුදන් වූ ත්‍රිරෝද රථ රියදුරු ඝාතනය කර සූසාන භූමියක වළ දැමු දෙදෙනෙක් අත්අඩංගුවට

මීට වසර එකහමාරකට පමණ පෙර පානදුර ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ 31 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කර, ඔහුගේ මළ සිරුර හොරණ ප්‍රදේශයේ සූසාන භූමියක වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගත්…

Read More

දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් ගසා කෑ හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

(රෝෂන් තුෂාර) ශ්‍රී ලාංකීය මහජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයේ දී තාවකාලිකව ඉදිකළ වැසිකිළි සිය පුතාගේ සමාගමට ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 90ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැයට කිරුළ හිටපු අධ්‍යක්ෂිකා හා හිටපු සහකාර ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග…

Read More

ප්‍රදේශ කිහිපයකට අද හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට…

Read More

සම්මාන රාත්‍රියට, උමාලි සැරසී සිටි සාරියේ සැගවුණු සංවේදී කතාව

රයිගම් සම්මාන රාත්‍රියට, උමාලි සැරසී සිටි සාරිය ගැන ඇහෙන වෙනස්ම කතාව 22 වෙනි රයිගම් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, පසුගියදා නිමාව දුටුවා. රයිගම් වේදිකාව වර්ණවත් කරන්න, ජනප්‍රිය රංගන ශිල්පිනි උමාලි තිලකරත්න ද එක්ව සිටියා. ඒ, “ලතා වල්පොල” මහත්මිය වෙනුවෙන් උපහාර අංගයකට ප්‍රාසාංගිකව දායක වෙමින්. එහි නර්තන වින්‍යාසයන්, චන්දන වික්‍රමසිංහයන් විසින් නිමවා තිබුණා. ඊට සුදුසු පරිදි…

Read More

“මගේ පුතා දවසක ලෝකය සුවපත් කරන දොස්තර මහත්තයෙක් වෙයි” රෝද පුටුවේ සිට වෛද්‍ය පීඨයට වරම් ලැබූ දිරිය පුතා..

ඇත්තටම මේක හදවත උණුසුම් කරන, ඇසට කඳුළක් උනන තරමේ ලස්සන, ආදර්ශමත් කතාවක්. දෙපා වාරු අහිමි වුණත්, හිතේ ශක්තියෙන් ලෝකයක් ජයගන්න පුළුවන් කියලා ඔප්පු කරපු පුංචි වීරයෙක් ගැනයි මේ. ඔහු නමින් සචිත් ගිම්හාන. කුඩා අවධියේදීම මුහුණ දුන් අවාසනාවන්ත රිය අනතුරකින් පියා අහිමි වෙලා, සචිත්ගේ දෙපා වාරුත් අහිමි වුණා. නමුත්, ඔහු දෛවයට අභියෝග කරමින් තමන්ගේ හීනය පස්සේ…

Read More

ක්‍රිකට් තරගයක ආරවුලකදී සිදුවූ පහරදීමකින් 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් මත සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ බව කියන 11 වන ශ්‍රේණියේ සිසුවෙකු කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් පොලිසිය පවසනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16ක සිසුවෙක්. මියගිය සිසුවා පසුගිය 23 වන දින සිය නිවසේ…

Read More

අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට අමාත්‍යාංශ කිහිපයකට උපදෙස්.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සහ බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම ඊයේ (01) පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. එහිදී, අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත් මෙහිදී සාකච්ඡා…

Read More

අනේ දෙවියනේ…. අන්තිම මොහොත වෙනකම්ම ජීවිතය ඉල්ලලා සටන් කළ අනෙක් සිසුවාත් සමුගනී…

ඇත්තටම මේක හිත කීරි ගැහෙන, අහන්නත් අමාරු පුවතක්. මහනුවර ප්‍රදේශයම අද (02) උදෑසන කඳුළින් තෙත් වුණේ කාගෙත් හිත සසල කළ බිහිසුණු අනතුරක් නිසයි. මහනුවර ප්‍රකට පාසල් දෙකක් වන ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ උණුසුම අස්සේ, ඒ වෙනුවෙන්ම කැපවුණු තරුණ ජීවිත දෙකක් අකාලයේ නිවී ගිහින්. වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතුවලට…

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්! මෙන්න සම්පූර්ණ විස්තරය

මෙන්න මේ පුවතත් දැන් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් හුවමාරු වෙනවා. ඔබේ දරුවාවත් 2026 වසරේ ජාතික පාසලකට ඇතුළත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ අවස්ථාව මගහැර ගන්න එපා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සඳහා (5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවලට) අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර ඇති බවයි. නමුත්…

Read More
Back To Top