ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ.
ඇමතිවරයා උපුටා දක්වමින් ඉරිදා ලංකාදීප වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට සැරසෙමින් සිටින බවය.
ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.
කෙසේ වෙතත් ජනපතිවරුන්ගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති හෙයින් නව පනත් කෙටුම්පතෙන් එම වරප්‍රසාදයට කිසිදු බලපෑමක් ඇති නොවනු ඇත.
