කුඩුකාරයෙක් කියා දරුවෙක් පොලිසියෙන් ගෙනිහින්.. මං පොලිසියට කතා කලා.. අපි එහෙම තමයි..- මාලිමා මන්ත‍්‍රී

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා මීරිගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

 

මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන දෙමව්පියන්ගේ දරුවන් අද මෙම ව්‍යවසනයට හසුවී ඇති බවත් පැවසූ ඔහු එවන් දෙමවුපියන් කම්පාවට පත්ව තමනට කතා කරන බවත් ඔහු පැවසීය.

එවන් අවස්ථාවක පොලිසියට කතා කර විස්තරයක් ඇසීම සාමාන්‍ය විදිය බවද මන්ත‍්‍රීවරයා සදමන් කලේය.

මේ අතර මීරිගම ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු පිළිබඳවද අවධානය යොමු වී ඇතග පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top