2026 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති අනුර ගේ වැය ශීර්ෂය 2024 ජනපති රනිල් ට සාපේක්ෂව 72% ක වැඩිවීමක්

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 විසර්ජන පණක් කෙටුම්පතට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැය ශීර්ෂය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72% වැඩිවීමක් පෙන්නුම් කරයි.

එසේම 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ.

මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශගතව සිටි බැවින් වැඩ බලන මුදල් අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත විසින් 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 26 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.

No description available.

 

 

 

මෙවර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර එම මුදල රු. බිලියන 634.78කි.

දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව ඇත. (මූලාශ්‍රය BBC පුවත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top