ලස්සන ගෑණු ලමයාට වසන්න ඇමතිතුමාගේ විදේශ සංචාරය අහිමි කර මා කරගත්තේ විශාල පාප කර්මයක්..- චාමර

රූමත් තරුණියකට විදේශ සංචාරයක් සඳහා හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීම මගින් තමන් විසින් විශාල ‘පාපකර්මයක්’ සිදු කර ගත් බවට මේ වන විට හැඟීමක් ඇති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, වසන්ත සමරසිංහ මහතාගේ විදේශ සංචාරයක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

අදාළ හෙළිදරව්වෙන් පසු එම පිරිස දැකීමෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තමන් සිදු කර ගත්තේ විශාල වරදක් බවත් මේ වන විට අවබෝධ වන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, තමන් සිදු කරන ලද ප්‍රකාශයන්හි කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තමන් සතුව ඇති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බවට කථානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top