රෝස පාටින් එන්නැයි මන්ත‍්‍රීවරියනට කතානායක කියයි..

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදාහැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබාදීමට කටයුතු කරනු ලබන බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top