සොරකමට විරුද්ධ වූ සිසුවාට පහ ශ්‍රේණියේ සිසුන් පිරිසක් කළ අපරාධය

දරුවන්ගේ ක්රියාකාරකම් පිළිබඳ වැඩිහිටියන් ලෙස නිරන්තර අවධානයකින් පසුවිය යුත්තේ, ඇතැම් ක්රියාවන්හි බරපතළකම පිළිබඳව ඔවුන්ට නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙනි.
දරුවන්ගේ එවන් අනාරක්ෂිත ක්රියාකාරකමක් නිසා සිදුවන්නට ගිය බරපතළ ඛේදවාචකයක් ඇසිල්ලකින් වැළකී යෑමේ පුවතක් ගම්පොල අධ්යාපන කලාපයෙන් වාර්තා විය.
ගම්පොල අධ්යාපන කලාපයට අයත් ප්රාථමික පාසලක පින්තාරු කටයුත්තක් සඳහා රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ ටිනර් බිමට හළමින් ඒ මත ගිනි දල්වා විනෝද වීමට විදුහලේ පහ ශ්රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් කටයුතු කර තිබේ.
එහිදී එක් සිසුවෙක් බෝතලයකට ටිනර් ස්වල්පයක් රැගෙන එය සිය පාසල් බෑගයට දමාගන්නා ආකාරය දුටු තවත් සිසුවෙකු එය ගුරුවරියකට දැනුම් දී ඇත.
එම සිදුවීමෙන් උරණ වූ සිසුන් දෙදෙනෙකු ටිනර් පිරවූ භාජනයකට ගිනි තබා එය අදාළ සිසුවා දෙසට විසිකර ඇති බව වාර්තා වේ.
එහිදී ගිනි ගන්නා ටිනර් භාජනය සිසුවාගේ දෙපා මතට වැටී ඇති අතර ඉන් බේරීම සඳහා සිසුවා දිවයන අවස්ථාවේ වෙනත් පංතියක සිටි ගුරුවරියක එම සිසුවා නවතා ගින්න නිවීමට පියවර ගෙන ඇත.
ගින්නනෙන් සිසුවාගේ දෙපා පිළිස්සී තිබූ අතර ඔහු ප්රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ එම ඛේදනීය සිදුවීමට මුහුණදුන් සිසුවා,
“එදා අපේ පංතිභාර ගුරුතුමිය ආවේ නැහැ. ඉස්කෝලේ තිබූ ටිනර් කෑන් එකේ අපේ පංතියේ යාළුවෝ අරං ඒක බිමට හලලා සෙල්ලම් කළා. ඒක තීන්ත ටින් එකට හලලා මල්ලට දාලා ගෙදර ගෙනියන්න හංගගත්තා. ඒක මම දැකලා කම්ප්ලේන් කළා. ඊටපස්සේ එයාලා මට බැන්නා මම පාවලා දුන්නා කියලා. ඊටපස්සේ එයාලා තීන්ත ටින් එකට හලලා ඒක පත්තු කරලා මගේ මූණට විසිකළා. ඒක ඩෙස්ක් එකේ වැදිලා කකුල් දෙක ගොඩක් ගිනි ගත්තා. ඊට පස්සේ මම දුවගෙන යනකොට හතරේ පංතියේ ටීචර් ඉස්කෝලේ බෑග් එක අරං කකුලට ගහලා ටීචර්ගේ වතුර බෝතලය අරන් වතුර හලලා නිව්වා. මගේ කකුල පිච්චිලා මට ඉන්න බැහැ දැවිල්ලයි. මට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ.”
මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය මෙන්ම ගම්පොල රෝහල් පොලීසියද වාර්තාකළ කරුණු අනුව නව කුරුඳුවත්ත පොලීසිය එහි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top