සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට සැරසෙන 88 හැවිරිදි මිසලින් නෝනා

ඇය නමින් කේ. මිස­ලින් නෝනාය. 1937 උපන් ඇය සිය වැඩි­ම­හල් දිය­ණිය සහ මිනි­බි­රි­යක සමඟ පදිං­චිව සිටින්නේ ප්රබු­ද්ධ­ගම, අඟු­රු­වා­තොට ලිපි­න­යේය. ඇයට දරුවන් හත් දෙනෙකි.
එයින් පිරිමි දරු­වන් සියලු දෙනා හමු­දා­වට බැඳී සේවය කර දැන් විශ්රාම සුව­යෙන් සිටිති.
කුඩා කල අවු­රුදු එකො­ළ­හක් පාසල් ගොස් ඇය ඉන් පසු ගුරු සේව­යට පිවිස අවු­රුදු හත­ළි­හක් පාස­ල්වල ඉගැ­න්වීම් කර මේ වන විට විශ්රාම සුව­යෙන් සිටි­න්නීය.
ඇගේ වයස දැන් අවු­රුදු අසූ අටකි. ඇය දැන් ආයෙ­මත් මෙවර සාමාන්ය පෙළ විභා­ගය ලියන්න සැර­සෙයි
.
මට මුලින්ම ගුරු පත්වීම ලැබුණේ අවු­රුදු 20දී. ඒ 1957අවු­රුද්දේ නුවර මඩු­ගල්ල තිබෙන දුෂ්ක­රම කල­වල ඉස්කෝ­ලෙට. වික්ර­ම­රත්න ලොකු ඉස්කෝලෙ මහ­ත්තයා තමයි මාව ඒ පාස­ලට අරන් ගියේ
.
කඳු පල්ලම් නැඟලා බැහැලා කැලේ මැද්දෙන්ම පයින්ම ගිහින් එදා වැඩ භාර ගත්තා.
ඊට පස්සේ ටික දව­සක් යන­විට පාසල් පරී­ක්ෂ­ක­යෙක් ඇවිත් මං ගැන දුක හිතිලා මට මාරු­වී­මක් දුන්නා.
ටිකක් පහසු තැන­කට. අකු­රණ බුලු­ගා­තැන්න මුස්ලිම් ඉස්කෝ­ලෙ­කට සිංහල උග­න්වන්න.
හරි ගැට­ලු­වක් වුණේ මට. මොකද මම දෙමළ දන්නේ නෑ. ඒ දරුවෝ සිංහල දන්නේ නෑ. මම නැව­තිලා හිටි­යෙත් මුස්ලිම් ගෙද­රක.
කොහොම වුණත් අමා­රු­වෙන් ඉගැ­න්වීම් කට­යුතු කර­ගෙන ගියා. පසු­කා­ලී­නව මම මහ­ර­ගම පමු­ණුව විද්යා­ලය, අලව්ව විද්යා­ලය, දිය­සෙන් පුර විද්යා­ලය, අර­ණා­යක බකු­ල්වල විද්යා­ලය, ගනේ­තැන්න මහා විද්යා­ල­යන්හි රාජ­කාරි කළා
.
ඊට පස්සේ එතැ­නින් කළු­තර මියු­සි­යස් ගුරු විද්යා­ල­යට ගුරු පුහු­ණුව ලබා ගැනී­මට පැමි­ණියා
.
ඒ කාලේ අද වගේ නෙමෙයි. තොර­තුරු දැනුම ලේසි­යෙන් ගන්න බැහැ. නමුත් මම පුහු­ණුව ඉතාම සාර්ථ­කව නිම කළා. පුහු­ණු­වෙන් පසු මම ගියේ හොරණ කබ­ල්ලා­ගොඩ පාස­ලට. ඊට පස්සේ බොහෝ කාල­යක් රට වටා ඉස්කෝ­ල­වල සේවය කරපු මට මගේ ගම්ප­ළාත වන අඟු­රු­වා­තොට ප්රබු­ද්ධ­ගම වේර­වත්ත පාස­ලට මාරු­වී­මක් ලැබුණා.
මං හරි සතු­ටින් ගමට ආවේ. නමුත් ඇගේ ඒ සතුට පාසල් පරී­ක්ෂ­ක­ව­රි­යක් වැඩි කලක් ඇයට භුක්ති විඳින්න ඉඩ දුන්නේ නැත.
නැව­තත් ඇය වර­කා­ගොඩ ඉස්කෝ­ලෙට මාරු කළාය. අන­තු­රුව ගුරු දිවියේ අව­සාන වසර කිහි­පයේ ඇය ගත කළේ තම ගමට ආස­න්නව පිහිටි රෙමුණ ගම්මා­නයේ රෙමුන මහා විද්යා­ල­යේය. වසර හත­ළි­හක් සාර්ථක සේවා කාල­ය­කින් අන­තු­රුව 1996 වස­රේදී ඇය ගුරු සේව­යෙන් විශ්රාම ලබා ගත්තාය.
‘‘මම දැන් විශ්රාම අර­ගෙන අවු­රුදු තිහ­කට ආස­න්නයි. ගෙද­ර­දොරේ වැඩ­පළ කර­ගෙන හොඳින් ජීවත් වෙනවා.
මැහුම් ගෙතුම් කර­නවා. පන් මලු, පැදුරු විය­නවා. දන් පින් කර­නවා. සිල් ගන්නවා.
ඔය අතරේ මට හිතුණා. දෙමළ භාෂාව තව­දු­ර­ටත් ඉගෙන ගන්න.මොකද අපට සමා­ජ­යේදී දෙමළ භාෂාව අවශ්ය වෙනවා. මට ගුරු­ව­ර­යෙක් නැහැ. දෙමළ පොත­පත හොයා­ගෙන තනි­යෙන් තමයි මම ඉගෙන ගත්තේ.
අවු­රුදු 88ක් වෙන මම මේ පාර අවු­රුදු දාසයේ පොඩි දරුවෝ එක්ක එකට විභාග ශාලාවේ වාඩි­වෙලා දෙමළ විභාගෙ ලිය­නවා.
ඉගෙන ගන්න විභාග සමත් කරන්න වයස මට කිසි­සේත් ප්රශ්න­යක් නොවෙයි. මං හිත­නවා මට විභා­ගය පාස් වෙන්න පුළු­වන් කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top