ඇගිලි සලකුණු එපා කියන තැපැල් සේවකයන්ට වෙන රස්සා හොයාගන්නැයි රජයෙන් දන්වයි

වර්ජනයෙහි නිරත තැපැල් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 19ක් අතරින් ඉල්ලීම් 17ක් ඉටුකර ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත් දැනටමත් වැඩිකර ඇති අතීකාල තවත් වැඩි කිරීම සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය නතර කිරීම යන ඉල්ලීම් කිසිසේත් පිළිගත නොහැකි බව ඇමතිවරයා අවධාරණය කළේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල ප්‍රමාණවත් නොමැති සහ ඇඟිලි සලකුණු යන්ත්‍රී භාවිතයට අකැමැති සේවකයන්ට වෙනත් රැකියා සොයාගත හැකි බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

මෙම ඉල්ලීම් කිසිසේත් ලබා නොදෙන දැඩි ප්‍රතිපත්තියක ආණ්ඩුව සිටින බවත් ජනතාව ද සිදුවන අපහසුතා දරා ගනිමින් මෙම ආයතන ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් නලින්ද ජයතිස්ස මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top