ප්‍රබල ජාවාරම්කරුවෙක් වන “හොරි සුද්දා” අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමක යෙදුණු “හොරි සුද්දා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එහි කොටස් බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බවට සඳහන්වේ.

අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සහ මිලිග්‍රෑම් 650 ක් සමඟ මේ ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධව පවතින නඩු සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු තුනක් ද නිකුත් කර ඇති මෙම සැකකරුට ඩුබායි රටේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මරණ තර්ජන පවා එල්ල වි තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසනවා.

අත් අඩංගුවට ගත් මෙම සැකකරු කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සම්බන්ධයෙන් මත්කුඩු සම්බන්ධව දීර්ඝ ලෙස ප්‍රශ්න කොට තොරතුරු ලබා ගැනීමට තිබෙන හෙයින් ඔහු දින හතක් රඳවා තබා ගැනීමට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට ක්‍රියා කරන බවද පොලිසිය සඳහන් කළා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ .ඕ. පී අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අසිත අබේකෝන් , පොලිස් සැරයන් සිසිර ( 2725 ) හා පොලිස් කොස්තාපල් ගුනවර්ධන ( 78362 ) යන නිලධාරීහු සහභාගි වු අතර එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) , කුලසිංහ ( 10789 ) හා අලුත්ගේ ( 100478 ) යන නිලධාරීහු මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top