සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට සැරසෙන 88 හැවිරිදි මිසලින් නෝනා
ඇය නමින් කේ. මිසලින් නෝනාය. 1937 උපන් ඇය සිය වැඩිමහල් දියණිය සහ මිනිබිරියක සමඟ පදිංචිව සිටින්නේ ප්රබුද්ධගම, අඟුරුවාතොට ලිපිනයේය. ඇයට දරුවන් හත් දෙනෙකි. එයින් පිරිමි දරුවන් සියලු දෙනා හමුදාවට බැඳී සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් සිටිති. කුඩා කල අවුරුදු එකොළහක් පාසල් ගොස් ඇය ඉන් පසු ගුරු සේවයට පිවිස අවුරුදු හතළිහක් පාසල්වල ඉගැන්වීම් කර මේ වන…
