රඳවාගෙන සිටින BYD වාහන 991ක් මුදා හරින්න රේගුවේ එකඟතාවය
මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා (අගෝ. 7) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර ඇත. මෙම එකගතාවය පළ කර ඇත්තේ, අදාළ වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී. ජී. සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. ඒ අනුව, අදාළ වාහනවල බදු…
