අදානිගේ ඒකකය ඩොලර් 8.26යි, අලුත් සමාගමේ ඩොලර් 4.65යි – මන්නාරම සුලං විදුලිය තාවකාලි අත්හිටුවනවා
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (13) පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා…
