හිතාගන්නවත් බැරි විදිහට ඩොලරය ඉහළ යයි..

මේ කියන්න යන්නේ අද ඩොලරයේ සිදුවුණු වෙනස්කම් ගැන ඇසෙන කතාවයි.. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.45ක් ලෙස සටහන් වෙනවා. එහි විකුණුම් මිල රු. 307.94ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි…

ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇති බව සදහන්. ඒ අනුව එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බවටයි වාර්තා වෙන්නේ.

Read More

ඉෂාරාට උදව් කළ සැකයට අත්අඩංගුවට පත් නීතීඥ තමරාට පැය 72 ක රැඳවුම් නියෝග

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත පනස් පස් හැවිරිදි නීතිඥවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. තමරා අබේරත්න නමැති ඇය කඩවත හා ගම්පහ අධිකරණවල සේවය කරමින් සිටි තැනැත්තියක වන අතර කඩවත ප්‍රදේශයේ නිවසේදී ඊයේ (28) රාත්‍රියේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර ඇති…

Read More

හයර් යන සෑම ත‍්‍රිවිලයකම මීටර අනිවාර්ය කරයි.. යෝජනාව සම්මතයි

හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් සඳහා ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද රථයකටම මීටර සවිකිරීමට හැටන් දික්ඔය නගර සභාව පසුගිය දින පැවති මහ සභාවේදී පක්ෂ හා විපක්ෂයේ කැමැත්ත මත ඒකමතිකව තීරණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ…

Read More

ජනාධිපති කාර්යාලයේ වාහන අලුත්වැඩියාවට කෝටි 65ක්.. වාහන 29ක් අතුරුදන්

2024 වර්ෂය තුළදී රථ වාහන අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 645කට වැඩි (රු. 645,336,774 ක) මුදලක් වැය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ විගණන වාර්තාව (2024) මගින් හෙළිදරව් වී ඇත. වාර්තාවට අනුව, වසර තුළදී අලුත්වැඩියා අවස්ථා 53ක් නිරීක්ෂණය වී ඇති අතර, ඇතැම් රථ වාහන එකම වසරක් තුළදී 10 වතාවක් සිට 17 වතාවක් දක්වා අලුත්වැඩියා…

Read More

බැංකු හා මුල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක්

බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසයි. ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි අයද රැසක් විවිධ ප්‍රදේශවලින් හමුවී ඇතැයි…

Read More

ලසා මැරුවෙ ලක්ෂ 15 කට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය රුපියල් ලක්ෂ 15ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකරන්නක් බවට පොලීසිය තොරතුරු හෙළිකරගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු පවසා ඇත්තේ ‘ඩුබායි ලොක්කා’ නමැත්තෙකුගෙන් මෙම කොන්ත්‍රාත්තුව ලැබුණු බවයි. මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් හය දෙනෙකුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරයි. පසුගිය බදාදා දිනයේ ප්‍රාදේශීය…

Read More

පුතු එලොව යවා 24 හැවිරිදි මවත් නොඑන ගමන් යයි. අම්බලන්ගොඩ අහස පොළොව නුහුලන ඛේදවාචකයක්.

ගාල්ල – බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි. ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබුණා. ස්වාමිපුරුෂයා ඇය අතහැර…

Read More

වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය නිල කාර්යාලය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම රට තුළ දැඩි කම්පනයක් ඇති කළේය. පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකුට මෙවන් ඉරණමක් අත්වීම පිළිබඳව මෙමගින් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය විය. පසුගිය 22 වන දිනට යෙදී තිබූ මහජන දිනයේදී, ජනතා ගැටලු විමසමින් සිටි අවස්ථාවක මෙම අපරාධය සිදුවූ අතර, ගැටලුවක්…

Read More

ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීමට රජය ලංසු කැඳවයි

ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීම සඳහා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් බිලියන ගණනක ටෙන්ඩරයක් කැඳවා තිබෙන බව ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා මෙම ටෙන්ඩරය ප්‍රකාශයට පත් කර ඇති අතර, ලංසු ඉදිරිපත් කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වවලට ලබා දී ඇත්තේ දින 12ක ඉතා කෙටි කාලයකි….

Read More
Back To Top