දවස් 22ක් තිස්සේ කිලෝමීටර් 72ක්… බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි” – පොලිසියට පෙම් බැඳි “පූසා ටුටූ” ගැන ඇහෙන කතාව
ටුටූ කුඩා කල සිට හැදුණේ වැඩුණේ පොලිසියේය. රිදීගම පොලිසියේ සේවයේ නියුතු කිසිවකුගෙන් ටුටූ ට කරදරයක් නොවූයේ ටුටූ පොලිසියේ ලොකු මහත්තයා විසින් හදා වඩා ගත් පූස් පැටවකු වූ නිසාය. ලොකු මහත්තයා සහ නෝනා සිටි නිල නිවෙස ටුටූගේ නිවහන විය. ඒත් පොලිසියේ ඕනෑම තැනක සැරි සැරීමේ අයිතියද ටුටූට විය. තනිවම පොලිසියට අවුත් ලොකු මහත්තයා වශී කර ගත්…
