රිලවුව රට යවන්න ව්‍යාපෘතියක් පටන් ගන්න යයි?

චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසනවා.

රිලවුන් ලක්ෂයක් විනයේ සත්වොද්‍යන වලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසර වෙදින් අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය බැවින් එය අත්හිටු වීමට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා පරිසර වේදි සංවිධාන සමඟ තමා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවද ඔවුන් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් නුදුන් බවද සඳහන් කළේය.

ඇතැම් පරිසර සංවිධාන වල පිරිස් පැවසුවේ සාරි එල්ලීම ගස්වලට තහඩු බැඳීම අක්කර පහක් තිබේ නම් අක්කර භාගයක් සතුන්ට අත්හැරීම ආදී ප්‍රායෝගික නොවන යෝජනා යයිද ඔහු සදහන් කරනවා.

කෙසේ වෙතත්රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට තාමත් ඉඩ කඩ ඇති බැවින් වහාම එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top