මාලිමා මන්ත‍්‍රීවරයෙකුට නිවසට පැමිණ ජාවාරම්කරුවෙකු පහර දෙයි

නීති විරෝධී මත්පැන් ජාවාරමක් ගැන තොරතුරු පොලිසියට ලබා දීම හේතුවෙන්, බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට එම ජාවාරම්කරැ විසින් පහර දී ඇති බවට කරාඩුගල පොලිසිය වාර්තා කරයි.

පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා, පදියතලාවේ දොරකුඹුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී මත්පැන් ජාවාරම ගැන පොලීසිය දැනුවත් කර තිබේ.

මේ බව දැනගත් ජාවාරම්කරු ඔක්තෝබර් 10 වැනි දින පස්වරුවේ මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ වාදයකට පැටලී ඇත.

මෙම ආරවුල උග්‍රවීමෙන් අනතුරුව, සැකකරු මන්ත්‍රීවරයාට පහර දී තිබේ.

මන්ත්‍රීවරයා රෝහල් පොලිසියට ලබා දුන් පැමිණිල්ලේ මේ බව සඳහන් වේ.

සිද්ධියෙන් පසු පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top