මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගනී

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත

ඒ මහතා අද දිනයේ එම කොමිෂන් සභාව හමුවට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ, පෙර පැවති රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top