මහින්ද සිටි නිල නිවසේ මහාධිකරණයක් පිහිටුවයි..?

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහතසඳහන් ලිපිනයන්හි පිහිටි ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

* අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
* අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
* අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
* අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top