සංජීවගේ සිහිනය තිබුණේ ගෝඩ්ෆාදර් වෙන්න – ගණේමුල්ලෙ සංජීවගෙ ඝාතකයා පොලිසියට වමාරපු බිහිසුණු කතාව
පාතාලයේ “ගෝඩ් ෆාදර්” කිරුළ සඳහා වසර ගණනාවක් පුරා සටන් වැදුණු තවත් කෙරුමෙක් වෙඩි උණ්ඩ කිහිපයකට මැදිවීමෙන් ඉකුත්දා වළපල්ලට ගියේය. ඒ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැති ප්රබල සංවිධානාත්මක අපරාධකරුය. සමහරු මොහු මාකිලංගමුවේ සංජීව ලෙසද හඳුන්වනු ලැබිණි. ඒ ඔහු මාකිලංගමුව ප්රදේශයේ උපත ලැබූ නිසාය. ගණේමුල්ලේ සංජීවට පෙර මෙම කිරුළ තමා සතු කර ගන්නට මාකඳුරේ මධුෂ්ද වෙර…
