සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? විශේෂ හෙලිදරව්වක්
2025 පෙබරවාරි මස 19 වැනිදා ශ්රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයට ඉතා වැදගත් දිනයක්. ඒ නිසාම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමිය වඩාත් වැඩි ජන ඝනත්වයකින් පිරීගොස් තිබුණා. එදින වැඩියෙන් මේ ස්ථානයට නීතිඥවරුන් පැමිණෙමින් සිටියා. ඊට හේතුව විදියට අපි දැක්කේ ශ්රී ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමේ නිලවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම. මේ ස්ථානයට පැමිණි බොහෝ දෙනා තිගැස්සෙනසුලු සිදුවීමක් විදියට…
