ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු හෙළිවෙයි
දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව ඊයේ (24) අධිකරණයේදී අනාවරණය වුණි. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ…
