ශ්‍රී ලන්කන් යානයේ වැසිකිලියට යන්න බැරිව රණ්ඩු කළ මගියා ගමනත් ‘බකල්’ කරගෙන රිමාන්ඩ්
සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 266 දරණ ගුවන් යානය තුළදී, ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 28 හැවිරිදි මෙම සැකකරු, මැලේසියාව බලා යෑමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ හරහා සංක්‍රමණය වෙමින් සිටි අයෙකු බව වාර්තා වේ….
