බෙම්මුල්ල ප්රදේශයේ නිවසක කාන්තාවක් අත් පා බැඳ දමා සිදුකළ කොල්ලය පොලිසිය අල්ලයි
බෙම්මුල්ල ප්රදේශයේ නිවසක කාන්තාවක් අත් පා බැඳ දමා සිදුකළ කොල්ලයකට සම්බන්ධ සැකකාරියක සහ ඇගේ පුත්රයා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් රට පුරා විහිදුණු මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලිසිය සමත් වී තිබේ. බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීම යටතේ සිදුකළ මෙම විමර්ශනය ගම්පහ දිස්ත්රික්කයේ අපරාධ මර්දනය සඳහා පොලිසිය දරන වෙහෙසට සාක්ෂියකි. පසුගිය 27 වන දා රාත්රියේ…
